පුංචි ඡන්දෙන් පැරදුනා කියා මහ මැතිවරණයක් අවශ්‍ය නෑ.. 2020 දක්වාම යහපාලනය වලංගුයි - අනුර දිසානායක

යම් ජනවරමක් අහෝසි වන්නේ ඒ වර්ගයේම මැතිවරණයකදී පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය මත
පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ උවමනාවක් නැති බවයි.

පාර්ලිමේන්තුව සදහා කලින් ලබා දෙන ලද ජන වරම එසේම වලංගු බවද ශමු කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට තුල ඇතිවී තිබෙන අස්ථාවරත්වයට ජනාධිපතිවරය හා අගමැතිවරයා වගකිව යුතු යයි මාධ්‍ය හමුවේදී එක් අවස්ථාවක කී ඔහු තවත් අවස්ථාවක ප‍්‍රශ්න කලේ අස්ථාවරත්වයක් යනු කුමක්ද කියායි.

gossip lanka