අර්ජුන් ඇලෝසියස්ට ලෙඩක්! බන්ධනාගාර රෝහල ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමන් බන්ධනගාර රෝහලට ඇතුළත් කරන්නැයි කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් තමන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසයි අර්ජුන් ඇලෝසියස් ඉල්ලා ඇත්තේ. ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර තිබෙනවා.
එහිදී නිගමනය වී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් රෝහල්ගත කිරීමට තරම් රෝගී තත්වයකින් පසු නොවන බවයි. කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය මූලික ප‍්‍රතිකාර බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ලබාදී තිබෙනවා.

මේ අතර තමාට නිදා ගැනීම සඳහා පිටතින් මෙට්ටයක් ලබාගැනීමටද ඔහු බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පිටතින් මෙට්ටයක් ගෙන ඒම බන්ධනාගාර බලධාරීන් ප‍්‍රතික්ෂේප කර ඇති අතර සාමාන්‍ය රැඳවූවන්ට ලබාදෙන මෙට්ටයක් පසුව ඇලෝසියස්ට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් හැර මේ දක්වා කිසිදු දේශපාලඥයෙකු අර්ජුන් ඇලෝසියස්ගේ සුවදුක් විමසීම සඳහා නොපැමිණි බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි විධායක අධ්‍යක්‍ෂ කසුන් පළිසේන කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා සිටිනවා. එහි තවත් සැකකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.


gossip lanka