මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුල් පලිසේන යන අයට ඇප ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (07දා) ලිඛිත ඇප අයැදීමක් ඉදිරිපත් කරනු ලැබිණි.
ඔවුන්ගේ නීතිඥයන් විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර ඇප අයැදීම සම්බන්ධයෙන් නියෝගය ලබන 16 වැනිදා ලබාදෙන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දන්වා සිටියාය.
විත්තියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ ලිඛිත සැලකිරීම් ලබන සිකුරාදාට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට දන්වා සිටියාය.
පසුගිය ඉරිදා (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එදින රාත්‍රියේ කොටුව මහෙස්ත්‍රාත්වරියගේ නිවෙසට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරිය විසින් පසුගිය 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර එදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වැනිදා දක්වා ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සිය සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර මහෙස්ත්‍රාත්වරිය එහිදී කියා සිටියේ එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටය.
ඒ අනුව ඔවුන්ගේ නීතිඥයන් විසින් ඊයේ (07දා) ලිඛිතව ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.
පැමිණිල්ලේ ලිඛිත සැලකිරීම් සඳහා හමුව හෙට (9දා) කැඳවීමට නියමිතය.

Tags
slide