මෙරටට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණය ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ.
මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට
සිංගප්පූරුවේ රැදී සිටින බවට වාර්තා පළ විය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණනුවන් වන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඇතුළු තුන්දෙනා බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 2 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
ඒ අනුව අර්ජුන් ඇලෝසියස් මහතා සහ කසුන් පලිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතාට චෝදනා කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට රජයට කිසිදු වුවමනාවක් නොමැති බවයි.

Tags
slide