06 වැනිදාට හොරු එළිකරන්න බාධා නොකරන්නැයි ඉල්ලයි..

06 වැනිදා දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදයේදී කවුද හොරා යන්න පැහැදිලිව දැන ගැනීමට පාර්ලිමේන්තු කටයුතු වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස මැති ඇමතිවරුන් දැනුවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.

එක්සත් ජාතික පක්‍ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ
ලේකම්වරුන් වෙත එම සංවිධානය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

2018-02-06 වන දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදය සම්බන්ධව

2018-02 06 වන දින පාර්ලිමේන්තුවේදී බැදුම්කර වංචාව පිළිබදව විවාදය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව කතානායකවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. මීට පෙර බැදුම්කර සිදුවීම පිළිබදව සාකච්ඡ කිරීම සදහා පාර්ලිමේන්තුව රැස්කර අවස්ථාවේදී ඔබ පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජනතාව කෙරෙහි ඇත්තේ කණගාටුවකි.

ජනතාවගේ මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්හට ජනතාවට සේවය කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඇත. විශේෂයෙන්ම ජනතාවට සෘජුව බලපාන කරුණකදී ජනතා නියෝජිතයින් ලෙස ඊට මැදිහත්වී කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

එහෙත් මීට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වෙද්දී ඔබ සංධානයේ මන්ත‍්‍රීවරුන් කවුද හොරා යන්න අසමින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරන ආකාරය අපි නීරීක්ෂණය කළෙමු.

කවුද හොරා යන්න පක්ෂ දෙකේ මන්තී‍්‍රවරුන් විසින් එකිනෙකාගෙන් අසාගත් පමණින් හොරා හෙළිවන්නේ නැත. එම නිසා 2018-02-06 දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බැදුම්කර වංචාව පිළිබද විවාදයේදී ජනතාවට අවශ්‍ය වන්නේ කවුද හොරා යන්න පැහැදිලිව දැන ගැනීමට වන හෙයින් එදින පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙස ඔබ සංධානයේ මන්ත‍්‍රීවරුන්ට අවවාද කරන ලෙස ඔබගෙන් අප සංවිධානය ඉල්ලා සිටින අතර 2018-2-10 දින පැවැත්වෙන මැතිවරණයේදී ජනතාවට තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශව හදුනා ගැනීම ඉතා වැදගත් බවද තවදුරටක් මතක් කරමි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by