කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
පෙරවරු 11ට සියලු ඇමතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත
පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අමාත්‍ය ධූර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ද වෙනස් විය හැකි බව සඳහන්.
මේ අතර, ආණ්ඩුව තුළ ඉදිරියේදී සිදු කරන සියලු වෙනස්කම් රට සහ ජනතාව වෙත ලැබෙන වාසි පිළිබඳ සළකා බලා සිදු කරන බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ආණ්ඩුවේ නොහැකියාව කැබිනට් සංශෝධනයක් හරහා වසා ගැනීමට වත්මන් ආණ්ඩුව උත්සහ දරණ බවයි.
Comments by IntenseDebate
Posting anonymously.
ඇමති මණ්ඩලය වෙනස්වෙන හැටි
2018-02-25T08:18:00+05:30
Gossip Lanka Hot News
slide|