‍දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාලනය යළි වෙනස් කරන්න හදනවා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාරිපාලන කටයුතු යළිත් වෙනස් කිරීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේ මීට පෙර රජයන් ද එවැනි ක‍්‍රියාමර්ග ගැනීමට උත්සාහ කළ බවයි.

මුදල් අමාත්‍යාංශයේ විශේෂ අධීක්ෂණය යටතේ කළමනාකරණ භාරයක්
මඟින් පාලනය වන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු වෙනස් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව චන්න ඇරැව්වල මහතා සඳහන් කළේය.




gossip lanka