නිලධාරීන් තෙවසරකට හිරේ යවන නව ඡන්ද නීතිය

මැතිවරණය සඳහා රාජකාරී අනුමත කර ඇති නිලධාරීන් සහ රියදුරන් එම කටයුතු පැහැර හරින්නේ නම් ඔවුන් නීතිය හමුවට රැගෙන එන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔවුන් අධිකරණයේදී වරදකරුවකු වුවහොත් වසර තුනක
සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක මුදල් දඩයකට යටත් කළ හැකි බව එම කොමිසම පවසයි.

මේ නිසා අදාළ නිලධාරීන් සහ රියදුරන් හෙට (09 දා) දිනයේ හෝ ජන්ද රාජකාරියට වාර්තා කරන ලෙස අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ඉල්ලා සිටී.




gossip lanka