සූර් වී ඡන්ද පොළට ගියොත් වෙන දේ මෙන්න

ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ. තවද මෙවැනි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථනයට හෝ ගණන් කිරීමේ
මධ්‍යස්ථානයකට අපේක්ෂකයකු විසින් රැගෙන එන්නේ නම් එම අපේක්ෂකයන්ට එරෙහිව අනුබල දීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට මෙවැනි වරදකට යම් අපේක්ෂකයකු වැරදිකරුවෙකු වුවහොත් ආසනය දිනා සිටිය ද පසුව ආසනය අහිමි වීමට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් දැඩි විමසිල්ලෙන් සිටින බවත් වීමත්ව ඡන්ද මධ්‍යස්ථානය වෙත හෝ ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීම සපුරා තහනම් බවද පොලීසිය නිවේදනය කරයි.



gossip lanka