මෙවර පළාත් පාලන මැතිවරණ ඉතාමත් සාමකාමීව හා සාධාරණය පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදී ඡන්ද කොල්ල කෑම ඇතුලු ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට බලය දී ඇති බව පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 93 හා 96 වගන්ති යටතේ මෙය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කරයි.
ඡන්දය දිනයේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ආයුධ සන්නද්ධ පොලිස්
නිලධාරීන් දෙදෙනකු යෙදවීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එසේම ඡන්ද රාජකාරිවලට අදාල පොලිස් මුලස්ථානයෙන් ලබාදෙන උපදෙස් ඇතුළත් පොතක් පොලිස් මුලස්ථානයෙන් සියලුම පොලිස් ස්ථාන වෙත භාෂා ත්‍රිත්වයෙන්ම ලබාදීමට කටයුතු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
නිදහස්ව හා සාමකාමීව මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡන්ද පොළේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුනොත් වෙඩි තැබීමට පොලීසියට බලය
2018-02-02T14:09:00+05:30
Gossip Lanka Hot News
slide|