මැතිවරණ රාජකාරි පැහැර හරින නිලධාරීන්ට සිරදඬුවම්

මැතිවරණ රාජකාරි පැහැර හරින නිලධාරීන්ට මැතිවරණ නීතිය යටතේ වසර 3 ක උපරිම සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා දඩයක් මැතිවරණ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල  අනුව ලබා දීමට කටයුතු කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසීය.

සියලුම රජයේ නිලධාරීන් මැතිවරණ රාජකාරි වල යෙදී සිටිය යුතු බවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ලැබී ඇති බවත් මැතිවරණ රාජකාරි සදහා කැඳවා ඇති නිලධාරීන් රාජකාරි පැහැර හැරියොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද අතිරේක කොමසාරිස්වරයා පැවසීය.

මෙවර මැතිවරණ රාජකාරි සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා නිලධාරීන් 175000 යෙදවීමට බලාපොරොත්තු වන බවත් කොළඹ සංචිතයේ නිලධාරීන් ඊයේ (7) සේවයට වාර්තා කළ බවත් ඔවුන්ගෙන් කොටසක් මේවන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සදහා පිටත්කර යවා අවසන් බවද පැවසීය.

මැතිවරණ දිස්ත්‍රික් කාර්යාල සඳහා ප්‍රාදේශීය මට්ටමින් රාජකාරියට වාර්තා කළ යුතු නිලධාරීන් අද (8) අදාළ ස්ථාන සඳහා  වාර්තා කළ යුතුව ඇතැයිද, රජයේ කාර්යාලවලට අයත්  සියලුම වාහනවල සේවකයන් සහ වාහන අවශ්‍යතාවයන්ට අනුව මැතිවරණ කටයුතුවල යොදවන බැවින් එම වාහනවල සේවකයින්ද අවශ්‍ය මොහොතක කැදවීම් ලැබුණ හොත් රාජකාරි ඉටු කිරීමට සුදානමින් සිටිය යුතු බවද අතිරේක කොමසරිස්වරයා අවධාරණය කරයි.

gossip lanka