වාහන ගෙන්වීමේ නව නීති රථ වාහන කර්මාන්තය අවුල් කරලා !

අලුතින් ගෙන්වන වාහන සඳහා යුරෝ 4 එන්ජින් සහ නවතම ආරක්ෂිත උපාංග හඳුන්වා දීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට රථවාහන කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ලව ඇතැයි වාර්තා වේ.

අය වැය හරහා ඉදිරිපත් කළ මෙම වෙනස්කම් පිළිගන්නා නමුත්, විශේෂයෙන් යුරෝ 4ට වැඩි විමෝචන එන්ජින්වලට පමණක් අනුමැතිය
ලබාදීමට ප්‍රතිපත්ති සම්පාදකයින් කඩිමුඩියේ ගත් තීරණය යළි සලකා බැලිය යුතුව තිබූ බව ලංකා වාහන ව්‍යාපාරිකයින්ගේ සංගමය කියා සිටී.

වාහන මිල දී ගන්නා සාමාන්‍ය පාරිභෝගිකයින්ට මෙන්ම සියළුම රථවාහන ව්‍යාපාරවලට ඉන් බලපෑම් එල්ලව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා මේ වසරේ ජුනි 31 වැනිදා තෙක් කාලය ලබා දී ඇතත්, ඒවා සිදු කරන ආකාරය පිළිබඳව පැහැදිලි මාර්ගෝපදේශනයක් ලබා දී නොමැති බව පැවසේ.

එම නිසා රථවාහන ආනයනය සඳහා තම ඇනවුම් ඉදිරිපත් කිරීමට වාහන ව්‍යාපාරිකයින්ට නොහැකිව ඇත.

මෝටර් රථ වැනි වාහන සඳහා මෙම වෙනස්කම් ලෙහෙසියෙන් සිදු කළ හැකිව ඇතත්, මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ යොදා ගන්නා වාහන සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් උද්ගතව තිබේ.

එමෙන්ම, මෙම හඳුන්වා දීම් නිසා රථවාහනවල මිල ගණන් ද සැලකිය යුතු මට්ටමින් ඉහළ යා හැකි බව ද වාර්තා වෙයි.

gossip lanka