අලි පැටවුන් මුදාහැරියේ නැති නිසා ගාමිණි ජයවික්‍රමව ඇමතිකමෙන් දොට්ට දාලා !

අත්අඩංගුවේ සිටින බලපත්‍ර නොමැති අලි පැටවුන් මුදාහරින ලෙස ඉහළින් ලැබුණු නියෝගවලට අවනත නොවීම නිසා වනජීවි අමාත්‍ය ධූරය තමන්ගෙන් ඉවත්කර ඇතැයි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. බලපත්‍ර නොමැතිව සහ ව්‍යාජ ලෙස සැකසූ බලපත්‍ර සහිතව සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් අලි වැටවුන් හතළිහක් මේ වනවිට
වනජීවී භාරයේ තබා ඇත. එම අලි පැටවුන් සම්බන්ධව අධිකරණයේ නඩු විභාග වෙමින් තිබෙන බවත් ඒ සතුන් කිසිවකුට හෝ ලබාදීමට නීති විරෝධී ක්‍රියාවක් බවත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සදහන් කරයි.

තමන් වනජීවි අමාත්‍ය ධූරය හෙබවූ වසර තුනකට ආසන්න කාලය තුළදී කිසිදු බලපෑමකට යටත් නොවී කටයුතු කළ බවද වනජීවි හා වෟක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය වන ආකාරයේ ක්‍රියාවක් සිදුකිරීමට නිලධාරීන්ට නියෝග නිකුත් නොකළ බවද අමාත්‍ය ජයවික්‍රම පෙරේරා කියා සීටී.

ආරම්භ කර ඇති ව්‍යාපෟති ඉදිරියට කරගෙන යෑම සදහා තමන්ගෙන් වනජීවි අමාත්‍ය ධූරය ඉවත් නොකරන ලෙස සිදුකළ ඉල්ලීමට ඇහුම්කන්දීමක් කර නොමැති බව ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කරයි.

gossip lanka