බරපතල කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්ඩව පවත්වාගෙන යැමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ අනුව ලබන අඟහරුවාදා (20දා) ජාතික රජයේ කැබිනට් මණ්ඩල
සංශෝධනයක් සිදු කෙරෙන අතර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සිදු කෙරෙන බව ඔහු කියා සිටියේය.
මෙම කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරෙන අතර ශ්රීලනිපය හා එජාපය බෙදා වෙන් කරගෙන තිබූ අමාත්‍යාංශවල විෂය පථයන් සුළු වශයෙන් වෙනස් වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
ජාතික රජයේ නිල කාලය හරි අඩකින් නිම වන විට කැබිනට් සංශෝධනයක් සිදු කළ යුතු බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා මීට පෙර තීරණය කර තිබූ බවත් මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ සඳහා පසුබිම සැකසුණු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
අඟහරුවාදා සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ආර්ථික ක්ෂේත්රයට අදාළ විෂයන් ගණනාවක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අගමැති ධුරයේ වෙනසක් නැහැ - ජනපති සමග එකඟතාවයක්
ඊයේ රාත්‍රී අගමැති ප්රමුඛ එජාප නියෝජිතයින් හා ජනපතිවරයා අතර පැවති සාකච්ජාව සාර්ථකවී ඇති බවත් ඒ අනුව යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එකඟත්වයට පැමිණ ඇති බවත් ඉන්දීය පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබේ.
ඒ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුයේ, අග්‍රාමාත්‍ය තනතුරෙහි කිසිදු වෙනසක් ද සිදු නොවී යහපාලන රජය ඉදිරියටත් පවත්වා ගෙන යන බවයි.
කැබිනට් සංශෝධනය අඟහරුවාදා : ආර්ථික විෂයන් රැසක් ජනපති යටතට !
2018-02-16T08:04:00+05:30
Gossip Lanka Hot News
slide|