සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් මේවන විට විදේශගතවීම වලක්වාලීමේ නියෝගයක් ලබාදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අධිකරණයට රහස් ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ්
මිහාල් මහතා මේ එම අවසරය ලබාදී ඇති අතර ඒ අනුව අධිකාරී මහතා ලබන 21 වැනිදා දහවල් 1.00ට මේ ප්‍රකාශය කිරීමට නියමිතය.
මේ ප්‍රකාශයත් සමඟ පසුගිය කාලයේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වශයෙන් ඉදිරිපත් කර ඇති සාක්ෂි තහවුරුවනු ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
හමුදා ලොක්කෙක්ගෙන් නැවත කටඋත්තර !
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා සත්‍ය වසන් නොකර හෙළිකළ හොත් සක්‍රීය හමුදා සේවයේ සිටින හමුදාවේ ප්‍රධානියකුගෙන් නැවත කටඋත්තර ගැනීමට සිදුවන බවත් එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එසේම ඔහුගේ ඥාතියකු වන ඝාතයවූ අවධියේ යුද හමුදාවේ බුද්ධි අංශයේ සේවය කළ ඉහළම නිලධාරියකු ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට සොයාගෙන ඇතති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ විධායකයට සම්බන්ධ ඉහලම බලවතෙක් විසින් බාධාකරමින් සිටින බව ඉකුත් ඉරිදා රාවය පුවත්පත වාර්තා කර තිබිණි.
SSPගේ රහස් ප්‍රකාශයෙන් ලසන්ත ඝාතකයා හෙළිවෙයි !
2018-02-19T13:27:00+05:30
Gossip Lanka Hot News
slide|