ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වූයේ යයි තමන් විසින් කිසිදු නිවේදනයක් නිකුත් කලේ නැති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
නමුත් රටට හිතකර අගමැතිවරයෙකු පත් කල යුතු බවට තමන් ලිපියක්
යවන ලද්දේ පුද්ගලික මතය නොව සන්ධානයේ ඉල්ලීම මත බවද ඔහු සදහන් කරයි.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේදැයි මේ වන තෙක් තීන්දුවක් ගෙන නැති බවත් කී ඔහු එනමුත් ආණ්ඩුව ඉදිරියට යන බවද කීවේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
යහපාලනේ නෑ.. ඒත් ආණ්ඩුව යනවා.. මං පුද්ගලික ලිපි ලීවේ නෑ.. සන්දානේ ලිපියයි යැවුවේ..- අමරවීර කාටත් නොතේරෙන මාධ්‍ය හමුවක් තියයි..
2018-02-21T08:01:00+05:30
Gossip Lanka Hot News
slide|