කී දේ නෑසූ රනිල්ට සහ මහින්දට නරක ප්‍රතිඵල

තමන් කියූ දේ පිළිනොගැනීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද නරක ප‍්‍රතිඵල ලැබී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු ඒ බව
පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ පැවැත් වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදීයි.

"මහින්ද රාජපක්ෂ මහත්තයට මම කිව්ව තුන්වෙනිවර ජනාධිපතිවරණයට ඉල්ලන් එපා කියල. ඇහුවේ නැහැ. ඒ නිසා එතුමා අද පාරාජිත අපේක්ෂකයෙක් වෙලා ඉන්නව. රනිල් වික්‍රමසිංහ මහත්තයට මම කිව්ව රවී කරුණානායකට මුදල් ඇමතිකම දෙන්න එපා කියල. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති කරන්න එපා කිව්ව. අහුවේ නැහැ. ඒ නිසා අද ඒ අයට දූෂණ චෝදනා එල්ල වෙනවා."

පක්ෂ හෝ වෙනත් භේද නොසලකා වරද කළ  ඕනෑම අයෙකුට දඬුවම් ලබාදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියක දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ වංචා සිදු කළ අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.

"අපි එකට ආණ්ඩු කළාට වෙනවෙනම තරග කරන්නේ. මම අපේ අයට කියල තියෙන්නේ කවුරුහරි විවේචනය කළත් බැන්නත් ඕවට පිළිතුරු දෙන්න යන්න එපා. අපි ඡන්දයෙන් පස්සේ ආයේ එකට වැඩ කළ යුතුයි"

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මේ දිනවල රංගනයක යෙදී සිටින බවයි. ඔවුන්ට අමතක වී ඇතැයි කියන දෙයක් ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර දුන්නා.

"මහ බැංකුව මංකොල්ල කෑව. ඒව බෙදාගත්ත. දැන් ඒ අය අත්අඩංගුවට ගනි. ඡන්දෙන් පස්සේ ඇප දෙයි. එතනින් නඩුව ඉවරයි. අපිව අවීචි මහා නරකාදියට ඇදල දාන අයට ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය බව අමතක වෙලා."



gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by