ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින්ග් සන්දු ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇතැයි වාර්තා වේ.
ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත්තේ වෙන වෙනම බව
ආරංචි මාර්ග පැවසී ය. ඉන්දියාවේ නව විදේශ ලේකම් විජේ ගෝක්හාලේ හමුවීම සඳහා නවදිල්ලි නුවරට යෑමට පෙර මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත.
මෙම හමුවීම් කලින් සැලසුම් කරන ලද ඒවා යැයි ද මෙම හමුවීම් සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා කිසිදු සම්බන්ධයක් නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නායකයන් දෙදෙනා සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවලදී ද්විපාර්ශවීය කරුණු සහ අන්‍යෝනය සබඳතා පිළිබඳ සාකච්ඡා වී ඇතැයි ද වාර්තා වේ.
ඉන්දීය මහකොමසාරිස් හදිසියේම ජනපති හා අගමැති හමුවෙයි
2018-02-14T15:27:00+05:30
Gossip Lanka Hot News
slide|