ආණ්ඩු පරාජයේ වගකීම මලික් මතට !

පළාත් පාලන මැතිවරණයේදී හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකම ජනතාව ප්‍රතික්ෂේප කිරීමට මූලිකවම බලපෑ හේතුව වන්නේ ජීවන වියදම ඉහලයාම පාලනය නොකිරීම බවට මේවන විට එජාප හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් බහුතරයකගේ මතයවී ඇතැයි වාර්තා වේ.

ඒ තත්ත්වයට ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමාත්‍ය
මලික් සමරවික්‍රම මහතා වගකිවයුතු බවට ද ඔවුන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට වැඩිවූ ජීවන වියදම සම්බන්ධයෙන් සොයා බලා හැකි උපරිම සහන ජනතාවට මුදා හැරීමට නව මුණුවරකින් කටයුතු කළ යුතු බවට එජාප නායකත්වයට යෝජනා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වන බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමරවික්‍රම මහතා සැබෑ දත්ත කැබිනට්ටුවට මෙන්ම පක්ෂ නායකත්වයටද ලබාදී නැති බවටද මේවන විට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by