එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එම පක්‍ෂයේම රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක්
කල යුතු යයිද ඇමතිවරයා කීය.
පක්‍ෂ නායකත්වය වෙනස් නොකර කුමන ආකාරයේ කැබිනට් සංශෝධන කලත් කුමන පරපුරක් හැදුවත් වැඩක් නැති බව කී ඔහු තමනට කියා පරපුරක් හදාගන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්නට බැරි බවද සදහන් කලේය.
ආත්මාර්තකාමී බලලෝභී නායකයන් පන්නා දමා පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන ලෙස සියළු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය.
ඒ සදහා හෙට අනිද්දාම වාශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
මේ අතර වාර්තා වන්නේ මැතිවරණ පරාජයෙන් පසු අගමැතිවරයා ඉවත් කල යුතු බව කියූ එජාප මැති ඇමති පිරිස 52ක් වූ බවත් කැබිනට් සංශෝධනයෙන් පසු එම ප‍්‍රමාණය තවත් ඉහල ගොස් ඇති බවත්ය.
එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම්ගතව සිටින හකීම්, බදියුදීන් ඇතුළු කිසිදු සුළු පක්‍ෂයක් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ස්ථාවරයක් ගෙන නැති අතර එජාපය යටතේ 106ක් පාර්ලිමේන්තු පැමිණියද එක්සත් ජාතික පක්‍ෂය සෘජුව නියෝජනය කරන මන්ත‍්‍රී ධුර ගණන 82කි.
ඒකාබද්ද විපක්‍ෂය සතුව මන්ත‍්‍රී ධුර 54ක් ඇති අතර ශ‍්‍රීළනිපයෙන්ද යම් කොටසක් මෙම විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇත.
ඒ ආකාරයෙන් ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කර ගත හැකි තත්වයක් මතුව ඇති බවද වාර්තා වෙයි.
රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..
2018-02-27T07:43:00+05:30
Gossip Lanka Hot News
slide|