මන්ත්‍රීවරියන් වැඩිවෙනවට පක්ෂ නායකයෝ අකමැති වෙලා !

පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරීමේදී නීතියෙන් අනිවාර්ය කර තිබෙන 25% කාන්තා නියෝජනය නොසලකා හැරීමට දේශපාලන පක්ෂ නායකයෝ පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

මේ තීන්දුවට එළඹ ඇත්තේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී වන අතර එම රැස්වීමට පක්ෂ නායකයින්ට අමතරව
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා සමාජිකයන්ද, පළාත් සභා අමාත්‍යවරයා හා එම අමාතයංශයේ ලේකම්වරයාද, නීතිපතිවරයා සහ නීති කොටුම්පත් සම්පාදකද එක්ව සිටි බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම නිසා ප්‍රායෝගික ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පැවසේ.

එම රැස්වීමේදී දික්වැල්ල ප්‍රාදේශීය සභාව හා කාර්තිව් ප්‍රාදේශීය සභාව වැනි ආයතනවලට කාන්තා නියෝජනය කිසිසේත්ම සාක්ෂාත් කර ගත නොහැකි බවද හෙළිව තිබේ.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආඥාපනත්වල සඳහන් “කිසියම් සභික පුරප්පාඩුවක් සහිතව හෝ මන්ත්‍රී මන්ත්‍රී ධූර ගණනය කිරීමේදී ඇති වූ පුරප්පාඩුවක් තිබුණ ද සභා පවත්වාගෙනයාමට බාධාවක් නැත” අනිවාර්ය කාන්තා නියෝජනය නොසලකා හැරිය හැකි යැයි ද එහිදී ප්‍රකාශ වී ඇත.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by