ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු සිංගප්පූරුවට ගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් ඉදිරි දින කිහිපය ඇතුලත මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ඔහුගේ වගකීම බාරගන්නා බව පැවසූ ප‍්‍රබලයෙකුගේ උපදෙස් මත ඔහු
මෙරටට පැමිනීමට කැමැත්ත පල කර ඇති බවද වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඔහු බැදුම්කර චෝදනාව සම්බන්ධයෙන් රජයේ සාක්‍ෂිකරුවෙකු වීමටද ප‍්‍රබලයන් කිහිප දෙනෙකු විසින් කැමති කරවාගෙන තිබේ.
රජයේ සාක්‍ෂිකරුවෙකු වීමෙන් පසු හිටපු ඇමති රවි කරුණානායක සියළු චෝදනාවන්ට වරදකරු කරමින් ප‍්‍රකාශයන් ලබා දීමට නියමිතව ඇතැයිද පැවසෙයි.
ඒ අනුව අවසාන වශයෙන් රවි කරුණානායක හිටපු ඇමතිවරයා සියළු චෝදනාවලට අධිකරණ හමුවේ වගඋත්තරකරු කිරීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
Comments by IntenseDebate
Posting anonymously.
රටින් පැන ගිය මහේන්ද්‍රන් ආපසු එයි.. බැදුම්කර නඩුවේ රජයේ සාක්‍ෂිකරු වී සියළු චෝදනාවලට රවි පාවාදෙන්න සූදානම්..
2018-02-05T07:39:00+05:30
Gossip Lanka Hot News
slide|