කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලූ 07 දෙනෙකු මේවනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.
දැනට ලැබෙමින් ඇති තොරතුරු අනුව අසල පිහිටි පැරණි ගොඩනැගිල්ලක් 'බැකෝ' යන්ත්‍ර උපයෝගී කර ගනිමින් කඩා බිඳ දමමින්
තිබිය දී එය අසල පිහිටි ගොඩනැගිල්ලත් කඩා වැටීමෙන් මෙම ජීවිත අනතුර සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන ඇත.
දෙදෙනෙකුගේ තත්වය බරපතලයි :
අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, ඉන් 07 දෙනෙකු ඒ වනවිටත් මියගොස් සිටි බවත් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.
තුවාල කරුවන් දෙදෙනා පිරිමියකු සහ කාන්තාවක් යයි සඳහන් කළ වෛද්‍යවරිය, ඔවුන්ගේ ජීවිත ආරක්ෂිත තත්වයක පවතින නමුත් දෙදෙනාගේම කකුල් ශල්‍ය ක්‍රම මගින් කපා දැමීමට සිදුවීමේ තත්වයක් උද්ගතව ඇති බවත් සඳහන් කළාය.
අනතුර සමඟ බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් වෙමින් තිබුණි.
රාත්‍රීය වනවිටත් කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් රථ 08 ක් එම ස්ථානයේ සහන සේවා කටයුතුවල නිරතවිය. ඒ, පැය දෙකකට ආසන්න කාලයක් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුවය.
යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා භටයින් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා යොදා තිබේ.
පසුගිය කාලයේ කොළඹ ස්ථාන කිහිපයකින් මෙවැනි අනාරක්ෂිත ගොඩනැගිලි කඩාවැටීමේ සිද්ධීන් වාර්තාවිය.
ග්‍රෑන්ඩ්පාස් අනතුරෙන් හත් දෙනෙක් මරුට !
2018-02-15T08:48:00+05:30
Gossip Lanka Hot News