ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද(19) ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් අතර අද (19 වැනිදා) දහවල් 12.00 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත විශේෂ
සාකච්ඡාවේදී මෙම තීරණය ගැනෙනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
වත්මන් දේශපාලන තත්ත්වය සහ අද දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊයේ (18) පස්වරුවේ ද ජනාධිපතිවරයා හමුවිය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය මහතා අතර පැවැති සාකච්ඡාවෙන් පසු මෙම සාකච්ඡාව පැවැති අතර එය පැයකට අධික කාලයක් පැවැත්විණි.
එම සාකච්ජාවට සහභාගී වී සිටි සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන්යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න හා තිලංග සුමතිපාල යන මහත්වරුන් විසින් ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනා කර ඇති අතර ජනාධිපතිවරයා ඊට එකඟත්වය පළකර නොමැත.
''මේ ඔයාල කිපදෙනාගේ අදහස්නේ. එහෙම තීරණ ගන්න බැහැ . අපි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්කරලා තීරණයක් ගමු.'' යයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
මෙම සාකච්ජාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එක්ව සිටියේය.
'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන පරිදි ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිතමුණි සොයිසා වැනි ශ්‍රීලනිප අමාත්‍යවරුන් 15කට ආසන්න පිරිසකගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වා ගෙන යායුතු බවයි.
අද දවස රටටම තීරණාත්මකයි:
අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව මුළුමනින්ම නිරාකරණය වී නොමැති තත්ත්වයක් තුළ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපති හා අගමැති නායකත්වය දුන් කණ්ඩායම් දෙකම අන්ත පරාජයට පත්ව පොහොට්ටුව ජයග්‍රහණය ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව පළමුවරට අද රැස්වීම මේ උණුසුම වඩාත් තීව්ර කිරීමට හේතුවක් වනු ඇතැයිද පැවැසේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් තිබෙන බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට බහුතරය ඇති බවට පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (18) රාත්‍රීය තෙක්ම උත්සාහ කරමින් සිටියේය.
එහෙත් ඒ පිළිබඳ සාර්ථකත්වයක් දෙපාර්ශ්වයම අත්කර ගෙන නොතිබුණු බව වාර්තා විය.
එම තත්ත්වය බොහෝ දුරට අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වීමට ඉඩ තිබීමද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීම තවත් හේතුවක් වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය හොත් අග්‍රාමාත්‍ය ධුරය සහ ආණ්ඩුවේ වලංගුභාවය ගැන දැඩි ලෙස ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප සමඟ පැවැසුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඇති විශ්වාසයේ කිසිම ගැටලුවක් නොමැති බවයි.
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීම : අවසන් තීරණයක් නැහැ
2018-02-19T10:16:00+05:30
Gossip Lanka Hot News
slide|