ඩුබායි අත්අඩංගුවේ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා රජයේ නිලධාරීන් හතර දෙනෙකු ඊයේ (07) රාත්‍රී ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, පොලිස් මුල්‍ය
අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛලංකාර, විදේශ කටයුතු අමාත්‍යංශයේ විජේරත්න ඇතුළු නිලධාරීන් හතර දෙනෙකු එසේ එසේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ඉන් අනතුරුව අබුඩාබි වලට යාමට නියමිතය.
උදයංග වීරතුංග මහතා රැගෙන ඒම සඳහා ඩුබායි බලා යැමට සූදානම්ව සිටි රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන නිලධාරීන් ඇතුළු 07 දෙනකු ඇතුලත්ව සිටියද ඔවුන්ගෙන් තිදෙනෙකුට ඊයේ රාත්‍රි වනතුරුත් ඩුබායි තානාපති කාර්යාලයෙන් වීසා බලපත් ලබා ගැනීමට නොහැකිවී තිබිණ.
මිග් යානා ගනුදෙනුව:
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඉරිදා (පෙබරවාරි 04) උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්වුයේ අවලංගු කරන ලද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදීය.
පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවට අදාලව සිදුකෙරෙන විමර්ශන කටයුතු වලට සහයනොදී අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.
රාජතාන්ත්‍රික අර්බුදයක්:
මේ අතර 'දිවයින' පුවත්පත වාර්තාකර ඇත්තේ උදයංග වීරතුංග මහතා ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක් බවට පත්ව ඇති බවයි.
උදයංග තමන්ට භාරදෙන ලෙස යුක්රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
උදයංග ගේන්න නිලධාරීන් 04ක් අබුඩාබි යයි
2018-02-08T09:44:00+05:30
Gossip Lanka Hot News
slide|