ප්‍රබල ඇමති 5කගේ STF ආරක්ෂාව ඉවතට !

ප්‍රබල අමාත්‍යවරු පස්දෙනෙකුට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත්කර තිබේ.

සාගල රත්නායක, පියසේන ගමගේ, පී.දිගම්බරන්, රවුෆ් හකීම් හා මනෝ
ගනේෂන් යන අමාත්‍යවරුන්ට ලබාදී තිබූ ආරක්ෂාව මෙසේ ඉවත්කර ඇති බව පැවසේ.

සාගල හා පියසේන අමාත්‍යවරුන්ට ලබාදී තිබූ අමතර ආරක්ෂාව ඉවත්කර ඇත්තේ ඔවුන්ගේ අමාත්‍යධූර වෙනස්වීම නිසාය.

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතාත්, එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතාත් පසුගිය කාලයේ කටයුතු කළේය.

පී.දිගම්බරන්, රවුෆ් හකීම් හා මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන්ට පසුගිය ඡන්ද කාලයේදී ලබාදී තිබූ විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර ඡන්දය අවසන්වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඉවත්කර තිබේ.



gossip lanka