පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් තනි ශ්‍රීලංකා ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා උත්සාහ කළ අතර ඒ සඳහා ජනාධිපතිවරයාට බලපෑම් එල්ල විය. නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිධූරයට පත් කළයුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ඒ සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළේ සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිවරයාය.
මහින්ද පාර්ශ්වයේ සහාය ලබාගෙන හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි
වුවහොත් ඇමතිධූර අත්හැර විපක්ෂයේ වාඩි වියයුතු බව මෙම පිරිසගේ මතය විය.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා යහපාලන ආණ්ඩුව ආරම්භයේ පටන් රාජපක්ෂ හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ තීරණය එළිපිටම විවේචනය කළේය.
ඇමතිධූර අත්හැර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගැනීමට තීරණය කළයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන සුසිල් ප්‍රේම්ජයන්ත්ලා රහසිතගත සිය ඇමතිධූරය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන්නේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි.
සුසිල් පසුගියදා එජනිස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඇති අතර ඔහු එහිදී අමරවීරගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තමන්ට තවත් ඇමතිධූරයක් ලබාදෙන ලෙසයි. ඔහු මේ වනවිට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයා ලෙස කටයුතු කරන එත එම ඇමතිධූරයට අමතරව තවත් කොටසක් ලබාදෙන ලෙසයි එජනිස ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.
විපක්ෂයට යාමෙන් කිසිදු යහපතක් නොවන බැවින් එවැනි අදහසක් නොමැති බවයි ඔහු පවසා ඇත්තේ. තමන් කිසිවිටෙකත් ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිවෙකු හෝ ඉදිරියේ තනතුරු ඉල්ලා වැඳ නොවැටෙන බවත් එහෙත් හැකිනම් තමාට තවත් ඇමති තනතුරක් ලබාදෙන ලෙසත් ඔහු මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.
ඇමති සුසිල් ඩබල් ගේමක.
2018-02-26T09:54:00+05:30
Gossip Lanka Hot News
slide|