බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා

බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර සාකච්ඡා පැවැත්වීමේ උත්සාහයක් ඇතැයි වාර්තා වේ.

නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන්
බහුතර බලයක්‌ ලබා ගැනීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් සියයට 55 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගත යුතුව ඇතැයි පැවසේ.

බහුතර බලයක්‌ නැති ආයතනවල මධ්‍යම ආණ්‌ඩුව මෙන්ම එජාපය හා ශ්‍රීලනිපය එක්ව බලය පිහිටුවීමට ජනපතිවරයාට උපදෙස් දෙන පිරිස් උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා හා සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන ඇතත් අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබේ.

මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්‌ව බහුතර බලයක්‌ ඇති කර ගැනීමට බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ අද (11 දා) මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව නිල වශයෙන් පක්‌ෂ අතර සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

බහුතර බලයක්‌ ගොඩනැඟීමට පැවැති සාකච්ඡාවලදී යම් යම් පක්‌ෂ එකඟ වී ඇතත් එම ආයතනවල නගරාධිපති හෝ සභාපති ධුරයන් ලබාදීම පිළිබඳව එකඟතාවට පැමිණීමට මෙතෙක්‌ කිසිවකුට නොහැකි වී ඇති බවද එම වෙබ්අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

gossip lanka