විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

තමන් යටතේ තිබූ විදේශ රැකියා අමාත්‍යංශය කැබිනට් සංශෝධනයේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිනී තලතා අතුකෝරාල දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත.

නව විදේශ රැකියා ඇති හරීන් ප‍්‍රනාන්දු මහතාට මෙන්ම අගමැතිවරයාටද
ඇය විසින් දැඩිව දොස් පවරා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

අගමැතිවරයා විසින් තමනට විරෝධී එජාප කණ්ඩායම් පාලනය කිරීම සදහා කැබිනට් සංශෝධනයේදී උත්සාහයක් දරා ඇති බව පවසන එජාප මැති ඇමතිවරුන් වැඩි පිරිසක් මේ වන විට අගමැතිවරයා සම්බන්දයෙන් විවිධ අන්දමේ සාකච්චා සිදු කරමින් ඇතැයිද සදහන්ය.

මේ අතර කැබිනට් සංශෝධනය අවසානයේ ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීම රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් කරන ලද දැඩි ප‍්‍රකාශය අගය කරමින් එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුට සුබ පතා ඇති බවත් ඉදිරි ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහාය දෙන බවත් සදහන් කර ඇත.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by