ඩුබායි ගුවන්තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ (04) උදැසනදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වහාම දිවයිනට රැගෙන ඒමට පොලිස් වංචා දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඩුබායි වලට ගොස් ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
එහි සම්බන්ධිකරණ කටයුතු සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශයේ හා
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අබුඩාබියේ රාජ්‍යතන්ත්‍රීක නිලධාරීන් සමග ඊයේ දිනයේද සාකච්ජා ආරම්භකර තිබිණ. ඒ උදයංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුවද, රාජතාන්ත්‍රික වශයෙන් ඔහු ශ්‍රී ලංකාවට බාර ගැනීමට ගනුදෙනුකළ යුතුවන්නේ අබුඩාබි රාජ්‍ය සමඟවීම නිසාය.
උදයංග වීරතුංග මහතා ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකින් ඇමරිකාව බලා යාමට පැමිණි අවස්ථාවේදිය.
පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස උදයංග වීරතුංග මහතාව අධිකරණය විසින් නම්කර ඇත.
ඒ අනුව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවා තිබී ඇති අතර උදයංග මහතා ඇමරිකාවට යාමට උත්සාහ කර ඇත්තේ ඒ පිළිබඳව නොදැනුවත්වය.
අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසරකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.
ඩුබායි වලදී ඇල්ලු උදයංග රැගෙන එන්න FCID යයි !
2018-02-05T09:30:00+05:30
Gossip Lanka Hot News
slide|