ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් දණගස්වනු ලබා මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය ගමන් ගත් වෑන් රථය පසුගියදා දරුණු රිය අනතුරකට ලක්ව තිබේ.
ඇය සහ තවත් පිරිසක් ඉකුත් 15 වැනිදා සාක්ෂි දීම පිණිස
පාර්ලිමේන්තුවට ගොස් පිරිස ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ සුරතලී ඇල්ල අසල ප්‍රපාතයට යෑමෙන් අනතුරට ලක්ව ඇත.
එහිදී සිද්ධියට අදාළ විදුහල්පතිනිය තම සාක්ෂි ලබාදීමෙන් අනතුරුව රාගමට ගෙන ගොස් ඇරලවීමෙන් පසු ඉතිරි හත්දෙනකු වෑන් රථයේ පැමිණ ඇත.
ආපසු එමින් සිටියදී මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල පාමුල අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ.
සමනලවැව පොලිසිය එහි යන විටත් අනතුරට ලක්වූ සිවුදෙනකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇත. පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එක් අයෙක් ගුරුවරියකි.
ඉකුත් 16 වැනිදා පස්වරු 2ට පමණ ප්‍රපාතයට ගිය වෑන් රථය ඉහළට ගත් අතර ඒ සඳහා පැය 7කට ආසන්න කාලයක් ගතව ඇත.
දැඩි ප්‍රපාතයකට පෙරළී ගොස් ජීවිත 7කට හානියක් සිදු නොවී තිබීම දෛවෝපගත සිද්ධික් බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු පවසති.
ඌවේ විදුහල්පතිනිය අනූනවයෙන් බේරෙයි
2018-02-19T10:31:00+05:30
Gossip Lanka Hot News
hot news|