මහනුවර ගැටුමේ ප්‍රධාන සැකකරු කොටුවෙයි- මහනුවරට යළිත් ඇඳිරි නීතිය

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ පසුගිය 04 වනදා සිට අද(08) දින උදෑසන 6.00 දක්වා කාලය තුල
ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට අද(08) පස්වරු 6 සිට හෙට(09) පෙරවරු 6 දක්වා කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමට නියෝග කර තිබේ.

සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ පැවති ඇඳිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කර තිබුණි.


gossip lanka