බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ඊයේ(15දා) වරෙන්තු නිකුත් කළේය.
උන්වහන්සේට එරෙහිව පවතින නඩුවකට අධිකරණය හමුවේ පෙනී
නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කළේය.
ජාතීන් අතර අසමගිය සහ වෛරය ජනිත වන ප්රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ නඩුවක් මෙසේ විභාගයට ගත්තේය.
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මේ වන විට ආගමික වැඩසටහනකට සහභාගී වීම සදහා ජපානයට වැඩම කර සිටී.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
2018-03-16T08:08:00+05:30
Gossip Lanka Hot News
slide|