රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද එකඟ නැහැ !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟත්වයක් මෙතෙක් ලැබී නැතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ගෙන ඒමට වඩා පළාත් සභා
මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමට ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශිකර ගැනීමේ අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද අවධාරණය කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද 'දිවයින' පුවත්පත අද (16) වාර්තා කර ඇත්තේ, අගමැතිවරයට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16 දා) සිට ආරම්භ කෙරෙන බවයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට පෙරේදා (14 වැනිදා) රැස්‌වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කල බවත්, මේ සම්බන්ධව සෙසු පක්ෂ වල සහය ලබාගැනීම ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාම මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකට පැවරූ බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ එම පුවත්පතට පවසා තිබේ.

ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීම පෙරේදා රාත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ කොළඹ නිල නිවසේදී පැවති අතර කරුණු 14 ක්‌ මුල් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව සකස්‌ කෙරෙන බවත්, ලබන සතියේ 21 දා හෝ 22 දා මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.



gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by