මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

කොලඹ නාගරික කොමසාරිස් වී කේ ඒ අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලොගේෂ්වරන් මහතා නියෝග කර තිබෙනවා. ඒ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසම සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මගින් ලබාදුන් නිර්දේශ මතයි.

ඒ අනුව කොලඹ නාගරික කොමසාරිස්වරයා එම ධූරයෙන් ඉවත්
කිරීමටයි නිර්දේශ ලැබී ඇත්තේ.නිලධාරීන්ගේ නොසැකිලිමත්කම හේතුවෙන් මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටීම හා මරණ 32ක් සිදුවූ බවටයි චෝදනා එල්ලවුණේ.එහිදී නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වුණා.


gossip lanka