අද පාර්ලිමේන්තුවේදී කිහිපදෙනෙකුගේ පුටු මාරු වෙයි

කැබිනට් සංශෝධනයෙන් පසු පළමු වරට අද (06) දිනයේ පාර්ලිමේන්තුව රැස්වනවා. කැබිනට් සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිදුවූ ආසන මාරුවද අද දැකගත හැකි වනු ඇති.

ඒ අනුව, 55 වන ආසනයේ සිටි රවීන්ද්‍ර සමරවීර අමාත්‍යවරයෙකු ලෙස
දිවුරුම් දීම හේතුවෙන් අද 49වන ආසනයට පැමිණෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී 83වන ආසනයේ සිටි අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් 72වන ආසනයට පැමිණෙනු ඇති.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී 82 වන ආසනයේ සිටි හර්ෂද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් අද 71 වන ආසනයට පැමිණීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුව සිටියදී 99 වන ආසනයේ සිටි ජේ. සී. අලවතුවල ද අද දිනයේදී  93 ආසනයේ අසුන්ගනු ඇති.

මේ අතර, අමාත්‍යවරුන්ගේ ආසන වෙසන් වීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට 49 වැනි ආසනයේ සිට 50 වන ආසනය දක්වා යාමට සිදුව තිබෙනවා.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by