අගමැතිට එරෙහි විශ්වාසභංගයේ ඡන්දය ගැන මත දෙකක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන 04වනදා විවාදයට ගැනීමට දින නියම වීමත් සමග එම විශ්වාසංභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කෙසේ පැවැත්වෙනු ඇත්දැයි දැන් විවිධ අදහස් පළ වෙමින් තිබෙනවා. ඇතැම් පිරිස් පවසන්නේ මේ සඳහා රහස් ඡන්දයක් පවැත්විය යුතු බවයි. එහෙත්, එවැනි අවශ්‍යතාවක් නොමැති බවත්, මේ සඳහා විවෘත ඡන්ද විමසීමක්
පැවැත්විය යුතු බවත් තවත් පිරිසකගේ අදහසයි.

මෙහි නීතිමය තත්ත්වය පිළිබඳවද නෙත් නිවුස් විමසා බැලීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පැවසුවේ මෙවැනි අවස්ථාවකදී පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් සහ ස්ථාවර නියෝග සලකා බලමින් කථානායකවරයා විසින් එය තීරණය කරනු ඇති බවයි.

"සාමාන්‍ය සම්ප්‍රධාය අනුව මෙවැනි අවස්ථාවක පවත්වන්නේ විවෘත ඡන්දයක්. නමුත් විශ්වාසභංග යෝජනාවේ ඇති කුරුණු සලකා බලා, රහස් ඡන්දයක අවශ්‍යතාව තිබෙන බව, කරුණු සහිතව කතානායකවරයාට ඒත්තු ගැන්වීමට හැකිනම්, රහස් ඡන්දයක් ලබාගැනීමේ හැකියාවත් පවතිනව. නමුත් සාමාන්‍ය සම්ප්‍රධාය අනුව පැවැත්වෙන්නේ විවෘත ඡන්දයක්."


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by