වසර 24කට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ
මහතාගේ 68 වන ඡන්ම දිනය මාර්තු 24 වැනි දිනට යෙදී ඇති අතර එදින නිලවශයෙන් එම ප්‍රකාශය සිදු කරන බවයි.
කතානායක කරූ ජයසූරිය මහතාගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා හෙතෙම එජාප නායකත්වය ප්‍රතික්ෂේප කළ බවද පැවැසේ.
කෙසේවුවද රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති පදවිය බේරාගැනීම උදෙසා මෙම තීරණය ගත් බව විචාරකයෝ පවසති.
විශේෂයෙන්ම එජාප තුළින්ම විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානමක් පැවතීමත් පක්ෂය තුළින්ට තමන්ට එන විරෝධය සමනය කිරීමටත් මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි වාර්තා වේ.
– Asian Mirror
24 වසරකට පසු රනිල් එජාප නායකත්වය අතහරී.. අලූත් නායකයා සජිත්..
2018-03-09T07:41:00+05:30
Gossip Lanka Hot News
slide|