නව නීතිය සහ සාමය ඇමතිවරයා දිවුරුම් දෙයි, ෆොන්සේකා ඉවතට

නව නීතිය සහ සාමය පිළිබද ඇමතිවරයා ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නා. මීට දින කිහිපයකට එම අමාත්‍යංශයේ ඇමතිවරයා ලෙස අගමැතිවරයා දිවුරුම් දුන් අතර ඔහු එම අමාත්‍යංශයේ බාරගත්තේ සති දෙකකට පමණක් බවයි කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේ වෙතත් මීට පෙර ප්‍රකාශ වුනේ සරත් ෆොන්සේකා මහතා එම
අමාත්‍යධුරය බාරගන්නා බවයි. ඇතැම් පාර්ශව වල විරෝධතාව මැද ඔහුට එම අමාත්‍යංශය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka