සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙඩි තබා ඝාතනය කර තිබේ.
සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ, ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය
කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි.
පසුගිය සෙනසුරාදා සිදු ව ඇති මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, ප්‍රියංකා ජයශංකර් නමැති 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි.
සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ, ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි.
ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇයගේ මෘත දේහය අල්-රාස්හි රෝහලක තැන්පත් කර ඇතැයි, එම වර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
සෞදි පොලීසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වර්තා කරන්නේ, ඇය සේවය කළ නිවස තුළදී ම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
30 හැවිරිදි ඝාතන සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
සෞදි හාම්පුතෙක් ලාංකික ගෘහ සේවිකාවක් ඝාතනය කර සිය දිවි නසා ගනී
2018-03-13T09:14:00+05:30
Gossip Lanka Hot News
slide|