මහනුවර ඉකුත්දා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි 3 ක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, අදාළ අවස්ථාවේදී පොලීසිය නිසි පරිදි කි‍්‍රයා නොකළ බව පවසමින්. ඉන් එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති
තෙන්නකෝන්.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනකු සහ යුද හමුදාපතිවරයා විසින් සිය නිරීක්‍ෂණ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර ඉකුත්දා ඇති වූ ගැටුම්වලදී තෙල්දෙණිය ප‍්‍රදේශයේ වෙළද සැලකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 24 දෙනෙකු ලබන සදුදා තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එදින තෙල්දෙණිය ප‍්‍රදේශයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට ආරක්‍ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා.
මහනුවර ගැටුම වැඩි වුණේ පොලිසියේ වරදින්? පොලිසියට පැමිණිල්ලක්
2018-03-17T07:46:00+05:30
Gossip Lanka Hot News
slide|