රාත‍්‍රී තැපැල් දුම්රිය අපායක්.. මළ-මුත‍්‍රා ආසන යටින් ගලා යයි.. (Photo)

කොළඹ සිට යාපනය බලා ගමන් ගන්නා රාත‍්‍රී තැපැල් දුම්රියෙහි වෙන්කල ආසන පිහිටි නිදන මැදිරි අංගනය ඉතා අබලන් තත්වයක පවතින බව දක්නට ඇත.

එහි ඇති වැසිකිළි පද්ධතියද කිසිදු පිරිසිදු කමක් නොමැති අතර වැසිකිළිය
භාවිතා කරන අවස්ථාවලදී මුත‍්‍රා සහ ජලය මැදිරිය පුරා විහිදී යන ආකාරය අපගේ කැමරාවට හසුවිය.

රුපියල් 500ක් ගෙවා ආසනයක් වෙන්කර ගනිමින් නිදහසේ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් පැමිණෙන මගියෙකුට මුලූ රැයක් පුරා ගතකිරීමට සිදුවන්නේ අසුචී සහ මුත‍්‍රා තම ආසනය යටින් ගලා යන අප‍්‍රසන්න වටපිටාවකය.

තවද මගියෙකුට දුම්රියේ තමන් වෙන්කල ආසනය සොයා ගැනීමට නොහැකි ලෙස තැනින් තැන පින්සල් වලින් කුරුටු ගා ලියා දුම්රිය මැදිරි නම් කිරීම නිසා වයෝවෘද්ධ ජනතාවටද දැඩි අපහසුතාවයකට මුහුණ පාන්නට සිදුවී ඇත.

2010 වර්ෂයේ සිට උතුරු පළාත සංවර්ධනය සඳහා විවිධ තේමා පාඨ ඉදිරිපත් කරමින් වැඩසටහන් ආරම්භ කලද යාපනය රාත‍්‍රී තැපැල් දුම්රියේ මුත‍්‍රා සහ ජලය මැදිරිය පුරා විහිදී යාම නවතාලීමට කිසිදු වැඩසටහනකට හැකියාවක් ලැබී නොමැත.

මැදියම් රැය වනවිට කැරපොත්තන් සහ කෘමී සතුන් ආසන තුලින් එළියට පැමිණෙන අතර ඔවුන් අසුන් ගෙන සිටින මිනිසුන්ගේ සේම කුඩා දරුවන්ගේද ශරීරය පුරා දිවයයි.

එබැවින් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස දන්වා සිටිනු කැමැත්තෙමු.

– ප‍්‍රභාත් මාතරගේ

gossip lanka