එක්සත් ජාතික පක්ෂයේ උප නායකත්වයට රවී කරුණානායක මහතා පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය දක්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාට ජාඇල ආසන සංවිධායක ධූරයද අහිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට පෙර අවස්ථාවේදී කරුණානායක මහතා එජාප උප නායකත්වයට පත්වූ අතර ඒ අවස්ථාවේ ඔහුට
එම අවස්ථාව හිමිවූයේ ජෝශප් මයිකල් පෙරේරා මහතා තමන් එවකට දරමින් සිටි පක්ෂයේ උප නායක ධූරය අත්හැරීම නිසාය.
පසුගිය වසරේ රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාඇල පැවැත්වූ රැස්වීමකදී ද ජෝශප් මයිකල් පෙරේරා මහතාට තම ආසනයේ පැවැති එම උත්සවයේ කතාවක් නොලැබුණ බව පවසමින් රවී හා ආරවුලක පැටලුණි.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ජෝශප් මයිකල් පෙරේරා මහතාපවසන්නේ තමන්ගේ ආසන සංවිධායක ධූරයද අහෝසි කරන්නේ නම් තමාට නිදහසේ පක්ෂය විවේචනය කිරීමට හැකිවනු ඇති බවයි.
කුමන්ත්‍රණය
රවී පත්වීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද විරෝධය දක්වා තිබිණි.
කෙසේවුවද, පක්ෂය සමගි කළ යුතු බවත්, එකමුතු විය යුතු බවටත් එම පක්ෂය තුළ පෙනී සිටින පක්ෂ ප්‍රබලයකු මේ කුමන්ත්‍රණ පිටුපස සිටින බව එජාප ප්‍රබලයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
එම කුමන්ත්රණකාරීන් පිරිස ඉමිටියාස් බකීර් මාකාර් මහතා පක්ෂ මහ ලේකම් කිරීමට ප්‍රබල උත්සාහයක පසුවූ බවත්, එය අසාර්ථක වීම කරුණානායක මහතාට පහරදීමට ද හේතුවක් විය හැකි බව ඔහු සඳහන් කළේය.
ජොසප් මයිකල්ට ආසනයත් නැති වෙයි ?
2018-04-27T10:07:00+05:30
Gossip Lanka Hot News
slide|