මහින්ද, බදු පනතට එරෙහි සටන අතට ගනී !

බදු පනතට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ආරම්භ කරන උද්ඝෝෂණවලට වෘත්තිය සමිති රැසක සහයෝගය ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

'දිවයින' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් එබව සඳහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා, මෙම බදු පනතට ජනතාව අකැමැති බව පැහැදිලිවම
සනාථ වී ඇති බවත්, බදු පැනවීම නොව ආණ්‌ඩුව ජනතාවට සහන ලබාදීම කළ යුතු බවත් අවධාරණය කර සිටියි.

රටේ සංවර්ධන කටයුතු අඩාලවී ඇතැයි ද රජය තවදුරටත් ජනතා අප්‍රසාදයට පත්වන බව ද පවසන මහින්ද රාජපක්‍ෂ මහතා, බදු පනතට එරෙහිව උද්ඝෝෂණ පවත්වන දිනය ඉදිරියේදී ප්‍රකාශ කරන බව ද කියා සිටියි.

මෙවර මැයි රැලියේදී බදු පනතට විරෝධය පළ කිරීම ප්‍රධාන තේමාවක්‌ වනු ඇතැයි ද හෙතෙම පවසයි.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by