Exclusive : ඇමති ධුරය ස්ථිරයි.. රවි කරුණානායක ඇමති කාර්ය මණ්ඩලයට අයදුම්පත් කැදවයි..

එජාප උප නායක හිටපු ඇමති රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලැබීම ස්ථිර තත්වයක පවතින බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විටත් කරුණානායක මහතා ඇමති කාර්ය මණ්ඩලයේ ඉහල
තනතුරු දෙකක් සදහා අදාල අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් අයදුම්පත‍්‍ර ලබා දෙන ලෙස සිය සමීපතමයෙකුට දන්වා ඇත.

එළැඹෙන සංහල අලුත් අවුරුද්දට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂ සදහන් කරන අතර එහිදී කරුණානායක මහතාටද ඇමති ධුරයක් ලබා දෙනු ඇතැයිද පැවසෙයි.

මහ බැංකු බැදුම්කර නිකුතුම සම්බනධයෙන් විමර්ෂණය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙලි වූ කරුණු අනුව කරුණානායක මහතාට විපක්‍ෂය විසින් විශ්වාස භංගයක් ගෙන ආ අතර එය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by