අර්ජුන් ඇලොසියස් මහතාගෙන් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන 118 දෙනා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 06 දෙනෙක් හා එක්සත් ජාතික පක්ෂ 17 දෙනෙකු සිටින බවට වාර්තා වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
රුපියල් ලක්ෂ 10 සිට දෙකෝටි පනස් ලක්ෂය දක්වා වූ මුදල් මෙම පිරිස්
අතර බෙදාදී තිබෙන බවට වාර්තා වන බවත්, මෙම දේශපාලඥයන්ට අමතරව වෙනත් පුද්ගලයන් හරහා රුපියල් කෝටි ගණනක් මුදල් ලබාගත් දේශපාලඥයන්ද සිටින බවත් වාර්තා වන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මීට අමතරව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් සිටින බවත් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රඳවාගෙන සිටින බැඳුම්කර වාර්තාවේ පිටු 842ක තුළ අදාළ නම් තිබෙන බවද ඔහු කියා සිටියේය.
''ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත කිසිවෙක් අපේ පක්ෂයේ නැහැ''- ජවිපෙ නායක
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ඇලොසියස්ගෙන් මුදල් ගත්තා යැයි කියන 118 ලැයිස්තුවේ තමන්ගේ කණ්ඩායම්වල මන්ත්‍රීවරු නැතැයි රටට සහතිකයක් දෙන ලෙස ජනාධිපති අගමැති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට තමා අභියෝග කරන බවයි.
ඒ ලැයිස්තුවේ තම පක්ෂයේ කිසිවකුත් නැතැයි තමා රටට සහතිකයක් දෙන බවද ඔහු සඳහන් කළේය. ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 ලැයිස්තුව නොපමාව හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කී දිසානායක මහතා ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සහන් කළේය.
ඇලෝසියස් ලක්ෂ 10 සිට ලක්ෂ 250 දක්වා පගාව දීලා !
2018-05-30T08:28:00+05:30
Gossip Lanka Hot News
slide|