2018 වර්ෂයේ ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරයේ සිදු වී තිබෙන අක්‍රමිකතාව නිසා රුපියල් මිලියන 1500ක් රජයට පාඩු වූ බවත් මෙතෙක් කල් ත්‍රිවිධ හමුදාවට දෙන තේ කොළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට නොදී වෙනත් පෞද්ගලික සමාගමකට දීමත් බාල වර්ගයේ බූට් සපත්තු ලබා දීමත් නිසා රුපියල් මිලියන 500ක පාඩුවක් රජයට සිදුව
ඇති බවත් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පැවැසීය.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ත්‍රිවිධ හමුදාවට ආහාර, තේ කොළ සහ සපත්තු සැපයීමේ ටෙන්ඩරය මඟින් රජයට රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් සිදු කොට ඇතැයි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා කරන ලද පැමිණිල්ල අනුව ප්‍රකාශයක් ලබා දීමට කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එම මන්ත්‍රිවරයා පෙරේදා (09දා) පැමිණි අවස්ථාවේදීය.
මන්ත්‍රිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කීය.
මෙම ආහාර ටෙන්ඩරයේ අදාළ සියලු කටයුතු 2017 දෙසැම්බර් අවසන් වන විට සිදු විය යුතුයි. නමුත් අද වන විටත් ආරක්ෂක අමාත්‍යාංශයට එය කරන්න නොහැකි වෙලා තියෙනවා.
මෙම ගනුදෙනු අවසන් කරන්න 2017 වර්ෂයේ ටෙන්ඩරයේ ආකාරයටම තමයි 2018 වර්ෂයෙත් ත්‍රිවිධ හමුදාවට ආහාර සපයන්නෙ. ඒ නිසා ත්‍රිවිධ හමුදාව ගැටලු රැසකට මුහුණ පාලා තියෙනවා.
දැව සංස්ථාවේ සභාපතියි මහනාමයි කළෙත් ඔය ටිකමයි:
මේ සියල්ල සිදුවන්නේ ජනාධිපතිතුමා යටතේ තියෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතින්.
මේ සම්බන්ධව මම ජනාධිපතිතුමාට කිව්වා. එතුමා මා ඉස්සරහම තාක්ෂණ කමිටුවේ සභාපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සරත් කුමාර මහත්තයට කතා කළා. එයා ඇඟ බේරගත්තා මේක අයිති ටෙන්ඩර් කමිටුවට කියලා.
පස්සේ ටෙන්ඩර් කමිටුවේ සාමාජික ආරක්ෂක ලේකම්ට කතා කළා. අපි අභියාචනා කමිටුවට මෙම ගැටලුව ඉදිරිපත් කරනවා, ඒක අපි පිළිගන්නවා කියලා ලේකම්වරයා කිව්වා.
හැබැයි ඒ අභියාචනාධිකරණයට ටෙන්ඩරය අහිමි වුණ කිසි කෙනකුට ඇයි ටෙන්ඩරය අහිමි වුණේ කියලා දාලා නැහැ. ඒක ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩක්. ඒක කළේ මේ හොරකම එළි වෙන නිසා.
මම ජනාධිපතිට කිව්වා ඔබගේ අමාත්‍යාංශය තමයි මේක කළේ කිසි නිලධාරියකු විශ්වාස කරන්න එපා කියලා.
දැව සංස්ථාවේ සභාපතියි මහනාමයි කළෙත් ඔය ටිකමයි කියලත් කිව්වා. මේක අගමැති ඇතුළු සියලු ඇමැතිවරුන්ට පොදුයි.
අද මේ ආණ්ඩුව එක තැන නතර වෙලා කියලා දැනෙන්නේ මේ නිලධාරීන් කරන හොර වැඩ නිසා. ඔවුන්ට ඕන විදිහට යන්න දෙන්න හොඳ නැහැ. නිලධාරී ඒකාධිපතිභාවය නැති කළ යුතුයි.''
හමුදාවට ආහාර සැපැයීමේ ටෙන්ඩරයෙන් මිලියන 1500ක ගැහිල්ලක් !
2018-05-11T08:36:00+05:30
Gossip Lanka Hot News
slide|