බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යපෘතිය නිරික්ෂණය කිරීමට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන මහා මාර්ග අමාත්‍යංශයේ ඉංජිනේරුවන් එවන ලෙස එරටින් දන්වා තිබියදී ඒ වෙනුවට පරිපාලන නිළධාරින් සහභාගි කර ඇතැයි වාර්තා වේ.
ඉන්ජිනේරුවන් පස්දෙනෙකු සහභාගි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය ලංකාවට
දන්වා තිබී ඇති අතර ඒ සඳහා ඉංජිනේරුවන් තිදෙනෙකු පමණක් සහභාගිකරගෙන අනෙක් කෝටාවට පරිපාලකයන් ගොස් තිබේ.
මේ අතර එම අමාත්‍යංශයේ ලේකම්වරයා ද සිටින බව පැවසේ.
අමාත්‍යංශයට ලැබෙන විදේශ සංචාරවලට ඉහළ පරිපාලන නිළධාරින් තිදෙනෙකු පමණක් සහභාගි වන බවද වාර්තා වේ.
එසේ සහභාගිවන්නේ ලේකම්, අතිරේක ලේකම් හා සහකාර ලේකම් (සැලැසුම්) යන තිදෙනා බවද පැවසේ.
කලක සිට රටපුරා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරනු ලබන පාලම් සවිකිරීම සිදුකරනු ලැබේ.
අදාළ පාලම් අවශ්‍ය ස්ථානය හඳුනාගෙන ඒ සඳහා පාලමක සැකසුම ඉංජිනේරුවන් විසින් සැලැසුම් සිතියමක් ඇඳ එය එංගලන්තයට යවා එම පාලම යකඩෙන් කොටස් වශයෙන් තැනූ පසු එංගලන්තයට ගොස් එය ප්‍රමිතියට හා සැලැසුමට අනුව ඇත්දැයි පරික්ෂා කර ආනයනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
එංගලන්තේ යකඩ පාලම් හා පරිපාලකයන්ගේ සවාරි සෙල්ලම් !
2018-05-26T14:45:00+05:30
Gossip Lanka Hot News
slide|