ශ‍්‍රීලනිපයේ තවත් 12ක් තනතුරු අතහැර විපක්‍ෂයට.. ඒ අනුව සන්ධානයේ 82ක් විපක්‍ෂයේ.. අරුම පුදුම ජාතික ආණ්ඩුවේ සන්ධාන මන්ත‍්‍රීන් 14ක් පමණයි..

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 12 දෙනෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී දෙනකුගෙන් පමණ පිරිසක් තම කණ්ඩායම එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මේ වන විටත් එම පිරිස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සුදුසු
අවස්ථාවක දී ඔවුන් තම කණ්ඩායම සමඟ එක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් හමුවීමට ගිය අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් දස දෙනෙකු පමණ එක්විය.

මන්ත්‍රීවරයා කියන ආකාරයට තවත් දොළොස් දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්වරුන් 96 දෙනාගෙන් 82 දෙනකු විපක්ෂය නියෝජනය කරනු ඇත.

ඒ අනුව ජාතික ආණ්ඩුව තව දුරටත් නියෝදුරටත් නියෝජනය කරනු ඇත්තේ සන්ධාන මන්ත්‍රීන් දාහතර දෙනෙකු පමණි


gossip lanka