ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේදී ජනාධිපති නිල නිවසේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වින.
එහිදී තීරණය වී ඇත්තේ ශ‍්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු
සිදුකිරීමට පෙර තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමටයි.
එම තාවකාලික නිලධාරී මණ්ඩලය ජුනි මස 03 වන දා පත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් ශ‍්‍රිලනිපය ජාතික ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් එහිදී තීරණයක් ගෙන නැති අතර ඒ ගැන ඉදිරියේදී තීරණයක් ගැනීමට තීන්දු කර ඇතත් ඒ කවදාදැය් තීරණය කර නැත.
මේ අතර වාර්තා වන්නේ ජාතික ආණ්ඩුවේ ඉන්නේද ඉවත් වන්නේද යන තීරණය ගැනීම මධ්‍යම කාරක සභාවේදී නොව සමස්ථ ලංකා විධායක සභාවේදී සිදු කිරීමේ සූදානමක් ඇති බවයි.
වාර්තා වන ආකාරයට ශ‍්‍රීලනිප 16 කණ්ඩායමට සමස්ත ලංකා විධායක සභාව තුල ඇත්තේ ඉතා සුළු බලයකි.
ශ‍්‍රීලනිපයට තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරේ.. කලින් කියූ ලොකු සීන් කිසිවක් මධ්‍යම කාරක සභාවේදී නෑ..
2018-05-18T08:18:00+05:30
Gossip Lanka Hot News
slide|